2011 වර්ෂයේ අප්‍රේල් මාසයේ ආරම්භ කරපු SIRKINAA බ්ලොග් අඩවියෙහි 2011 වර්ෂයේදීම සැප්තැම්බර් මාසයේ දී MS Office සම්බන්ධව පාඩම් මාලවක් පළමු වතාවට ඉඳිරිපත් කරනු ලැබුවා. ඒ කොටස් දෙකකින්.

  1. කිසි ගේමක් නැතුව MS Office Package එක ඉගෙන ගමු - PDF Part 1
  2. කිසි ගේමක් නැතුව MS Office Package එක ඉගෙන ගමු - PDF Part 2
ඉහත සඳහන් අයුරින් මා විසින් මෙම වෙබ් අඩවියෙහි PDF වශයෙන් කොටස් දෙකකින් අන්තරගත වෙන ආකාරයට MS Word සහ MS Excel යන මෘද්‍රකාංග දෙකෙන් වැඩ කරන විදිහ ඉඳිරිපත් කරනු ලැබුවා. නමුත් අවාසනාවන්ත අයුරින් කාලයාගේ ඇවෑමෙන් මෙහි upload කරනු ලැබූ සබැඳියන් දෙකෙන් එකක්වත් මේ වන විට නිසායාකාරයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එම PDF ගොනු නැවත අප්ලෝඩ් කිරීමට සිතුවත් මා සතුව එම කිසිම PDF එකක් නොමැති නිසා එම පාඩම් මාලව එතනින් නතර කරන්නට සිඳුවුනා. 

නමුත් එහි ඇති කමෙන්ට්ස් කියවීමෙන් මට හිතුන දෙයක් තමයි මේ නතර කරපු, කිසිම කෙනෙක්ට බලන්න බැරි මේ පාඩම් නැවත මුල සිටම වෙනම අයුරකින් ඔබ හා බෙදාගැනීමට අවශ්‍යය බවයි. මේ නිසාමයි මේ Office මුද්‍රකාංගය පිළිබඳ පමණක් ඇති මෙම වෙබ් අඩවිය මේ ආකාරයෙන් ඔබ හා ගෙනහැර දැක්වීමට අඩිතාලම වැටුනේ. 

සියළුම පාඩම් අනුපිළිවෙලට සහ ඔබට පහසුවෙන අයුරින් පින්තූර සහිතව මෙම වෙබ් අඩවියෙහි ඉඳිරිපත් කරනු ලබනවා. මෙම වෙබ් අඩවිය මඟින් ඔබට MS Word, MS Excel, MS Power Point සහ MS Access යන මුද්‍රකාංගයන් හතරෙන් වැඩ කරන හැටි ප්‍රධාන වශයෙන් ඉගැන්වීම් සිඳුකරනු ලබයි.