අපි කවුරුත් දන්න මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ ප්‍රසිද්ධම මුදෘකාංගයක් (software) වෙන්නේ මයික්‍රොසොෆ්ට් ඔෆිස් (Microsoft Office) කියන මුදෘකාංගයයි. ඇත්තටම වර්ඩ් (word), එක්සෙල් (excel) සහ පවර් පොයින්ට් (power point) නැති වින්ඩෝස් තියෙන පරිගණකයක් කියන්නේ හොයාගන්නම අමාරු දෙයක්. අපි මේ ඉන්න වර්තමානය තුළ ක්ලව්ඩ් (cloud) වල ෆයිල් (file) තැන්පත් (save) කරාට සැබැවින්ම සීයට අනූවකට වඩා ප්‍රතිශතයක් තමන්ගේ අදාල ලිපි ගොනු තැන්පත් කරන්නේ තමන්ගේම පරිගණකයේ හාඩ් ඩිස්ක් (hard disk) එකෙයි. 2013 වර්ෂයේ ජනවාරි 24 - 25 එළිදැක්වුනු ප්‍රකාශයන්ට අනුව මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් වැඩි වශයෙන්ම ලාභ ලබන්නේ ඔවුන්ගේ වින්ඩෝස් (windows) මෘදුකාංගය මඟින් නොව ඔවුන්ගේම ඔෆිස් මෘදුකාංගය මතයි. 

මයික්‍රොසොෆ්ට් ඔෆිස් මෘදුකාංගයේ ඉතිහාසය

කාර්යාලීය පරිගණක පරිණාමය වෙද්දිම මෙම ඔෆිස් මෘදුකාංගයත් සමඟින්ම පරිණාමය වනු ලබනවා. ඒකට හේතුව වෙන්නේ ලොව පුරා ව්‍යාපාරික ආයතනවල නිරන්තරයෙන් වෙනස් වන අවශ්‍යතා සඳහා අවශ්‍ය කාර්යයන් වැඩි දියුණු කරන සහ සහාය දෙන නවතම විශේෂාංග පිරිනමමින් මෙම ඔෆිස් මෘදුකාංගය ඉදිරියෙන් සිටින නිසායි.


MS-DOS සඳහා සැකසුණු මයික්‍රොසොෆ්ට් වර්ඩ්

ඔෆිස් මෘදුකාංගයේ ඉතිහාසය නිල වශයෙන් ආරම්භ වෙන්නේ 1990 වර්ෂයේ නොවැම්බර් 19 වෙනිදායි. ඒ වින්ඩෝස් සඳහා ඔෆිස් 2.0 (MS Office 1.0 ලෙසද හඳුන්වයි) සමඟ භාවිතයට පැමිණි විටයි. වර්ඩ් සඳහා වින්ඩෝස් වලදී මූලික ආදාන උපාංගය (primary input device) වූයේ යතුරුපුවරුවයි (keyboard). මූසිකය (mouse) ඒ කාලය වන විට සුඛෝපභෝගී දෙයක් වුන නිසා බොහෝ දෙනෙක් මූසිකය භාවිතා කලේ නැහැ. ඔබට වර්තමානයේ දී වූවත් DOS මත පදනම් වූ වින්ඩෝස් සංස්කරණය බාගත (download) කරගැනීමට හැකියාව ඇත. නමුත් මට ඒ කිසිම වෙබ් අඩවියක් නිර්දේශ කරන්න බැහැ. හේතුව ඒ සැකසුම් තුළ අන්තර්ගතයන් කුමක්දැයි මා හට කිවීමට නොහැකි නිසායි.

MS Office හි පරිණාමය සහ ඉතිහාසය : යතුරුපුවරුවේ සිට ස්පර්ශ අතුරුමුහුණත (touch interface) දක්වා

වින්ඩෝස් 2.0 සඳහා ඇඩෝනයක් ලෙස ආරම්භ වූ සහ ලෝකයේ ව්‍යාපාරික ආයතන හරහා කාර්යාල ස්වයංක්‍රීයකරණයේ මුහුණුවර වෙනස් කිරීමට කියන මයික්‍රොසොෆ්ට් ඔෆිස් හි විවිධ අනුවාද වල පින්තූර කිහිපයක් ඔබ වෙත යොමු කරන්නයි මේ සූදානම. මේ මඟින් ඒ වනවිට සුප්‍රසිද්ධ WordPerfect සිට MS Word වෙත පරිශීලකයින් මාරු කර පෙර වෙළඳපල විනාශ කරනු ලැබීය. ඔෆිස් හි අතිවිශාල සාර්ථකත්වය සඳහා ප්‍රධාන සාධකයක් වූයේ එහි තිබූ කෙටි විධාන පද්ධතිය නිසායි. WordPerfect හි විශේෂ කේත ටයිප් කරමින් අදාල ලියකියවිලි සාදාගැනීමට සිදුවූවත් ඔෆිස් මඟින් ඒ බැඳ තිබූ රැහැන් ඉවත් කර දමනු ලැබීය.

1990 වර්ෂය - වින්ඩෝස් සඳහා මයික්‍රොසොෆ්ට් ඔෆිස් (Office 1.0)

වර්ඩ් 1.1, එක්සෙල් 2.0 සහ පවර් පොයින්ට් 2.0 එකතුවක් ලෙස 1990 වර්ෂයේ නොවැම්බර් වලදී එලිදැක්වුනි.


ඉහත දක්වා ඇති පින්තූරය මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් වින්ඩෝස් සඳහා ඔෆිස් 1.0 හඳුන්වාදීම පිළිබඳ මුල්ම වතාවට අන්තර්ජාලයට මුදාහල දැන්වීමයි. 


MS Word 1.1 සංස්කරණයෙහි මුහුණතෙහි පින්තූරයක්


1991 වර්ෂය - MS Office 1.5 - වැඩි දියුණු කල එක්සෙල් සංස්කරණය (වර්ඩ් 1.1 සහ පවර් පොයින්ට් 2.0 සමඟ)


1992 වර්ෂය - වින්ඩෝස් සඳහා MS Office 3.0 සංස්කරණය (CD-ROM සඳහා නිකුත් වූ Office 92)

මෙහි වර්ඩ් 2.0, එක්සෙල් 4.0A සහ පවර්පොයින්ට් 4.0 යන සංස්කරණයන් ඇතුලත් වී තිබුනි. මෙහිදී සංස්කරණ අංකය අදාල නොවූ අතර මේ සංස්කරණයන් නිර්මාණය කර තිබුනේ Office 95 වලට ගැලපෙන පරිදියි.

එක්සෙල් 4.0A සංස්කරණයෙහි මුහුණතෙහි පින්තූරයක්

Office 92 සංස්කරණයට පෙර සංස්කරණයන් බෙදා හැරුනේ ටේප් හෝ ෆ්ලොපි ඩිස්ක් ආධාරයෙනි. 

1994 වර්ෂය - වින්ඩෝස් සඳහා ඔෆිස් 4.0 සංස්කරණය

ඔෆිස් 3.0 සහ ඔෆිස් 4.0 අතර එක්සෙල් සංස්කරණයෙහි ඉතා කුඩා වෙනස්කමක් සහිතව එළිදැක්විනි. එක්සෙල් 4.0A වෙනුවට එය මේ වර්ෂයේ දී එක්සෙල් 4.0 බවට පත්විය. පවර් පොයින්ට් සංස්කරණයත් 3.0 සංස්කරණයේම පැවතිය. ප්‍රධානම වෙනස්කම වුනේ MS Word හි පෙනුමෙහි විශාල වශයෙන් වෙනස්කමක් දක්නට ලැබීමයි. ඒ වගේම, ඔෆිස් 4.0 සංස්කරණය වර්ඩ් 6.0, එක්සෙල් 4.0 සහ පවර්පොයින්ට් 3.0 යන සංස්කරණයන් සහිතව එලිදැක්විය.




1995 වර්ෂය - ඔෆිස් 7.5 සහ ඔෆිස් 95 

ඔෆිස් සුයිට් (office suite) එක මඟින් එකිනෙකට මුදෘකාංගයත් සමඟ ගැලපෙන අයුරින් නම වෙනස් විය. මෙම වර්ෂයේ ඔෆිස් සංස්කරණයන් නම් කෙරුනේ වර්ඩ් 95, එක්සෙල් 95 සහ ප්‍රසන්ටේෂන් (presentation) 95 ලෙසයි. සෑම ඔෆිස් සංස්කරණයක් සමඟම අනෙකුත් මුදෘකාංගයන් වන පබ්ලිෂර් (publisher) වැනි සංස්කරණයන් ද ඉඳිරිපත් විය. 


මෙම සංස්කරණය පරණ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියන් සමඟ ක්‍රියාත්මක නොවීය. වින්ඩෝස් 95 සහ ඒ වෙනවිට පැවති නවතම වින්ඩෝස් සංස්කරණයන් සමඟ පමණක් ක්‍රියාත්මක විය. 

1996 වර්ෂයේ අග භාගය - ඔෆිස් 97: ඔෆිස් ඇසිස්ටන් (Office Assistant) හඳුන්වාදීම



වර්ඩ් 97 මුහුණතෙහි පින්තූරයක්


එක්සෙල් 97 මුහුණතෙහි පින්තූරයක්

1999 වර්ෂය මැද භාගය - ඔෆිස් 2000 (වඩා හොඳ පරිශීලක අත්දැකීමක් සහිතව)

බොහෝමයක් යාවත්කාලීනයන් (updates) ගෙන් පසුව මෙම වර්ෂයේදී ඉතාමත් දැකුම්කලු, අලංකාරය, වඩා හොඳ පරිශීලක අත්දැකීමක් ගැනීමට හැකියාවක් ඇති අතුරු මුහුණතක් (interface) හඳුන්වා දෙනු ලැබීය.


2001 වර්ෂයේ මැද භාගය - ඔෆිස් එක්ස්පී (Office XP)

XP සමඟින්, ආයතනයන් වල සීමා සහිතව ඇති ජාලයන් (networks) සමඟින් වැඩ කරන පරිශීලකයන්ට මයික්‍රොසොෆ්ට් සියලුම විශේෂාංග පාහේ ලබා දුන්නේය. දශකයකට ආසන්න කාලයක් අඛණ්ඩව Windows XP මූලික කරගෙන ඔෆිස් සංස්කරණය ඉඳිරියටම ගෙනියනු ලැබීය.


2003 වර්ෂය - ඔෆිස් 2003 (මෙතුවක් කාලයක් භාවිතා කරනු ලැබූ වැඩිම ඔෆිස් සංස්කරණය)

කෙසේ වෙතත්, ඔෆිස් සම්බන්ධයෙන් ගත කල, වැඩිපුරම භාවිතා කරන ලද සංස්කරණය වන්නේ 2003 සංස්කරණය වන අතරම එහි ක්‍රියාකාරීත්වය සහ ආරක්ෂිත විශේෂාංග රාශියක් එකතු කර තිබුනි. Windows XP සමඟ සම්පූර්ණයෙන්ම මිශ්‍ර කර ගැලපෙන පරිදි, මෙහෙයුම් පද්ධතියට සමාන පෙනුමක් ඇති අයිකන් (icon) සහ ටූල්බාර්ස් (toolbars) ඉඳිරිපත් කර තිබුනි. පෙනුම හැරුණු විට, විවිධ මෙනු ටැබ් (menu tab) යටතේ පිළිවෙලට සකස් කර ඇති නොයෙකුත් යෙදවුම් නිසාවෙන්ම පරිශීලකයින් බොහෝ සෙයින් මෙම සංස්කරණය වැළඳ ගන්නා ලදී. නමුත් අවාසනාවකට ඔවුන්ට මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් බලෙන්ම ඔෆිස් 2007 සහ ඔෆිස් 2010 සංස්කරණයන් වෙත යොමු වෙන ලෙස ඉල්ලා සිටි නිසා පරිශීලකයින්ට දශක ගණනක් භාවිතා කරනු ලැබූ තම සිතැඟි සංස්කරණයන් අත්හැර දැමීමට සිදුවිය.



ඔෆිස් 2007 (Office 2007) - රිබන් මුහුණත (ribbon interface) හඳුන්වා දීම

මෙම සංස්කරණය තුළින් නවතම රිබන් ඉන්ටර්ෆේස් එකක් හඳුන්වා දුන් අතර, නව ඔෆිස් ක්‍රියාකාරකම් මඟින් ඔබේ ලේඛය නිර්මාණය කිරීම සහ අලංකාර ගැන්වීම සඳහා පුළුල් මෙවලම් කට්ටලයක් ලබා දීමෙන් වෘත්තීය පෙනුමැති ලේඛන නිපදවාගැනීමට හැකිවිය.


ඔෆිස් 2010 ඔෆිස් වෙබ් ඇප්ස් (web apps) හඳුන්වාදීම

ඔෆිස් 2010 සංස්කරණය තුළින් පරිශීලකයාට කොහේ සිටියත් ඔවුන්ට අවශ්‍යය කරනු ලබන ලිපිගොනු වලට පිවිසීමට හැකියාවක් ලබා දිය. ඔවුන්ට මේ සංස්කරණයම යොදාගෙන ඔවුන්ගේ පරිගණක වලින්, ජංගම දුරකථනයන්ගෙන්, නැතිනම් වෙබ් බ්රවුසර් (web browser) එක මඟින් වූවද අදාල ලිපිගොනු වලට පිවිසීමට හැකියාවක් ලැබුනි.



ඔෆිස් 2013 සංස්කරණය - ක්ලවුඩ් පැතිකඩෙහි ආගමනය (cloud integration)

ඔසේ 2013 සහ ඔෆිස් 365 සංස්කරණයන් මගින් ටච් ස්ක්‍රීන් (touch screen) සඳහාම වෙනම අයුරකින් සංස්කරණය නිර්මාණය කරන ලැබීය.


ඔෆිස් 365 (Office 365)

මෙම ඔෆිස් 365 සංස්කරණය 2011 වර්ෂයේ මැද භාගයේ දී ඉඳිරිපත් කරනු ලැබුවේ මයික්‍රොසොෆ්ට් සමාගමේ ක්ලවුඩ් බේස් බිස්නස් සුයිට් (cloud base business suite) එක වෙනුවටයි. මෙයට වර්ඩ්, එක්සෙල්, පවර් පොයින්ට්, වන් නෝට් (one note) සහ ඊමේල් සංස්කරණයන්හි අන්තර්ජාල සංස්කරණයන් ඇතුලත් විය.

ඔෆිස් 2016 (Office 2016)

මෙම සංස්කරණය සම්පූර්ණයෙන්ම වැඩිදියුණු කර තිබෙන්නේ ජංගම දුරකථන සහ ටච් ස්ක්‍රීන් සහිත උපාංගයන් සඳහායි. එයට අමතරව ඔෆිස් 2013 සංස්කරණයේ තිබූ අනෙකුත් සියළුම උපාංග සහ ක්‍රියාවන්ගේ සමන්විත විය.

ඔෆිස් 2019 (Office 2019)

මෙම සංස්කරණය විශේෂ වෙනස් කිරීම් කිහිපයක් සමඟින් වර්ඩ් 2019, එක්සෙල් 2019 සහ පවර් පොයින්ට් (2019) යන සංස්කරණයන් එලිදැක්විය. මේ මඟින් කොරල් ඩ්‍රෝ (corel draw), ඉලස්ට්‍රේටර් (illustrator) යන මුදෘකාංගයන් තුලින් සැකසූ යම් දෙයක් පින්තූරයක් (.jpeg, .gif, .png) යන පින්තූර සැකසුම් වලට වෙනස් නොකර කෙලින්ම ඔෆිස් මුදෘකාංගයට එකතු කරගැනීමට හැකියාව ලැබිනි.

මයික්‍රොසොෆ්ට් 365 (Microsoft 365)

මේ මඟින්, පරිශීලකයාගේ සියළුම ලිපිගොනු cloud base වෙබ් අඩවියක් වන OneDrive හි සේව් (save) කරගැනීමට හැකියාවක් ඇත. එමඟින් අන්තර්ජාල පහසුකමක් ඇති ඕනෑම තැනකට සිට අදාල ලිපිගොනුවලට ඇතුලු වීමට පරිශීලකයාට හැකියාව ලැබුනි. 

ඔෆිස් 2021 (Office 2021)

මෙම සංස්කරණය නවතම හැඩයන්ගෙන් යුක්තව එලිදැක්විනි. මෙම සංස්කරණය තුලින් data types, functions, translations, inking tools, editing tools, motion graphics යනාදිය ද එලිදැක්විනි.