හැමදේම හරියට දැනගෙන කරන්න.

MS Office කියන්නේ නිතරම පාහේ කාර්යාල වලදී වගේම ඔබට නිවසේදීත් භාවිතා කිරීමට සිදුවන මෘදුකාංගයක් බව නොරහසකි. සැබවින්ම අකුරු පේලියක් ටයිප් කරා කියලවත්, අංක කිහිපයක් එකතු කරා කියලවත්, පින්තූර කිහිපයක් එකතු කර රාමු කීපයක් සෑදුවා කියලවත් ඔබ ඔෆිස් මෘදුකාංගය පිළිබඳ නිවැරදි අවබෝධයක් ඇතැයි සිතීම වැරදියි. මේ හා සමගාමීව කොතෙකුත් ක්‍රම සහ උපායන් ඇතිද යන්න ඔබ සිතා බැලුවද?

අලුත්ම ලිපි

මෙම බ්ලොග් අඩවියෙහි අවසානයට පලවූ ලිපි මුලින් පෙන්නුම් කරනු ලැබේ.

මයික්‍රොසොෆ්ට් ඔෆිස් මෘදුකාංගයේ ඉතිහාසය සහ පරිණාමය

අපේ පාඨමාලාවන් පිළිබඳ අදහස්

අපේ මේ පාඨමාලාවන් කිසිඳු අයකිරීමකින් තොරව ඔබ වෙතට නිකුත් කරනු ලබන්නේ.
මේ ඒ සම්බන්ධව අපෙන් පාඨමාලාවන් ඉගෙන ගෙන ඒ සම්බන්ධව තැබූ අදහස්.

මේ පාඨමාලාවන්ගෙන් මම සෑහෙන දේවල් ඉගෙන ගත්තා. මම කාර්යාලයක සේවය කරන කෙනෙක්. ගොඩක් වෙලාවට මට excel වලින් වැඩ කරන්න වෙනවා. ඉතින්, නොදන්න ගොඩක් දේවල් වගේම අමතක වෙද්දිත් මේ සයිට් එකට ඇවිල්ලයි මම ඒ දේවල් හරියටම කරගන්නේ.

ධනුෂිකා විතානාරච්චි

ධනුෂිකා විතානාරච්චි

කාර්යාල අයදුම්පත් සහායිකා

ඇත්තටම පංති ගිහින් ඉගෙන ගත්තු දේවලුයි, මේ සයිට් එකේ තියෙන දේවලුයි එක්ක බලද්දි අපරාදේ මගේ සල්ලි පංති වලට යට කරේ කියලා හිතෙනවා. ඕන ඕන වෙලාවට ඇවිත් බලන්නයි, කිසිම සල්ලියක් ගන්නේ නැතුව මේ කරන දේ නම් ගොඩක් ලොකු උදව්වක්.

පැතුම් රාජපක්ෂ

පැතුම් රාජපක්ෂ

ව්‍යාපාරික

ක්ලාස් එකක් හොයන ගමන් ඉද්දියි මේ සයිට් එක හම්බවුනේ. ඇත්තටම මුල ඉදන් අකුරක් නෑර හරිම පැහැදිලිව මේ සයිට් එකේ හැම පාඩමක්ම කියලා දෙනවා. තේරුම් ගන්න ගොඩක් ලේසියි. බොහොම ස්තූතියි අපි වගේ පාසල් යන අයට මේ කරන උපකාරයට.

රෝෂිකා නෙත්ෂානා

රෝෂිකා නෙත්ෂානා

පාසල් ශිෂ්‍යයා

මම මුද්‍රණාලයකයි රස්සාව කරන්නේ. ඉතින් මම ඒකට බැදුනේ A/L ඉවර වෙලයි. O/L වලට කලින් මම office කෝස් එකක් කරලා තිබුනට මේ රස්සාවට ආවට පස්සේ ඒ කිසි දෙයක් ලොකුවට මතකයේ තිබුනේ නෑ. දැං බය නැතුව වැඩක් කරගන්න පුලුවන් මේ සයිට් එක නිසාම.

අසංක සම්පත්

අසංක සම්පත්

වෘත්තීමය මුද්‍රණාල සහායක